යූටියුබ් අවකාශයේ තවත් දැවැන්ත ලෝක වාර්තාවක් බිඳ හෙලීමට ජිමී ඩොනල්ඩ්සන් (Jimmy Donaldson) හෙවත් අප කවුරුත් දන්නා MrBeast සමත්ව තිබෙනවා. ශ්‍රී ලංකා වේලාවෙන් 2026 ජූනි 12 වන සිකුරාදා රාත්‍රී 8:31 ට පමණ ඔහුගේ ප්‍රධාන YouTube චැනල් එකේ Subscribers ලා සංඛ්‍යාව මිලියන 500 (කෝටි 50) සීමාව පසුකර ඇති බවට වාර්තා වෙනවා. මේ කඩඉමට ළඟා වූ ලොව ප්‍රථම Creator ඔහුයි.
පුරුදු පරිදිම, තමන් මිලියන 500 සීමාව පසුකරන ඒ සුවිශේෂී මොහොත තමන්ගේ චැනල් එක හරහා සජීවීව (Livestream) විකාශනය කිරීමටත් ඔහු පියවර ගත්තා. පැය එකහමාරකට ආසන්න කාලයක් පුරා දිවුණු මේ සජීවී විකාශය එකවර නැරඹීමට ලොව පුරා විසිරී සිටින රසිකයින් 600,000 කට අධික පිරිසක් එකතු වී සිටීමත් විශේෂත්වයක්.මිලියන 500ක Subscribers සීමාව පසුකළ ලොව පළමු Creator 'MrBeast' වෙයි

ලෝකප්‍රකට YouTube ක්‍රියේටර්වරයෙකු වන Jimmy Donaldson, නැතහොත් අප කවුරුත් හොඳින්ම හඳුනන MrBeast, YouTube ඉතිහාසය උඩුයටිකුරු කරමින් තවත් දැවැන්ත ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත්ව තිබෙනවා. ඒ, ලොව ප්‍රථම වත...
යූටියුබ් අවකාශයේ තවත් දැවැන්ත ලෝක වාර්තාවක් බිඳ හෙලීමට ජිමී ඩොනල්ඩ්සන් (Jimmy Donaldson) හෙවත් අප කවුරුත් දන්නා MrBeast සමත්ව තිබෙනවා. ශ්‍රී ලංකා වේලාවෙන් 2026 ජූනි 12 වන සිකුරාදා රාත්‍රී 8:31 ට පමණ ඔහුගේ ප්‍රධාන YouTube චැනල් එකේ Subscribers ලා සංඛ්‍යාව මිලියන 500 (කෝටි 50) සීමාව පසුකර ඇති බවට වාර්තා වෙනවා. මේ කඩඉමට ළඟා වූ ලොව ප්‍රථම Creator ඔහුයි.
පුරුදු පරිදිම, තමන් මිලියන 500 සීමාව පසුකරන ඒ සුවිශේෂී මොහොත තමන්ගේ චැනල් එක හරහා සජීවීව (Livestream) විකාශනය කිරීමටත් ඔහු පියවර ගත්තා. පැය එකහමාරකට ආසන්න කාලයක් පුරා දිවුණු මේ සජීවී විකාශය එකවර නැරඹීමට ලොව පුරා විසිරී සිටින රසිකයින් 600,000 කට අධික පිරිසක් එකතු වී සිටීමත් විශේෂත්වයක්.