this is unorderd list
- telegram
- github
- stackoverflow
This is ordered list
- telegram
- github
- stackoverflow
දැන් මෙවැනි රිපොසිටරි මිලියන 372 ක් ගිට්හබ් හි තිබෙන බව වාර්තා වෙනව. මෙසේ ගිට්හබ්හි ඇති රිපොසිටරි සියල්ල හා සම්බන්ධ වී වැඩ කරන පරිගණක ක්‍රමලේඛ ශිල්පීන් ගණන මිලියන 100ක් පමණ වෙනව. ඒ අය එක්කෝ තනි පුද්ගලයින්ය, නැත්නම් ලෝ ප්‍රකට සමාගම් වල ක්‍රමලේඛ ශිල්පීන්ය. මේ සියල්ල නිසා අද ලොව සක්‍රියම සහ දැවැන්තම පරිගණක වැඩසටහන් එකතුව ගිට්හබ් සතුව තිබෙනව. එනිසා එය අද ලොව 62 වැනියට කාර්ය බහුලම වෙබ් අඩවිය ලෙස සලකනව.
ගිට්හබ් වෙබ් සේවය හුදෙක් පරිගණක කේත ඇති දත්ත සමුදායක් පමණක් නෙවෙයි. එය ලොවපුරා විවිධ තැන්වල සිටින පරිගණක ක්‍රමලේඛ ශිල්පීන් සමග එක්ව වැඩ කළ හැකි සේවයක්. සාමාන්‍ය සමාජ ජාල වෙබ් අඩවි වලදී මෙන් මෙහිදී ද ක්‍රමලේඛ ශිල්පීන්ට එකිනෙකා සමඟ එක්ව තමන්ගේ වැඩසටහන්වල කේත දියුණු කරන්නට පුළුවන්. එනම් ගිට්හබ් යනු ඕනෑම කෙනෙක් ලියනු ලබන පරිගණක වැඩසටහනක් ලොව පුරා සිටින විශේෂඥයින් ලවා පිරිපහදු කර දෙන තැනක්.මෙසේ තිබෙන ගිට්හබ් වෙබ් අඩවිය වසර 2008 දී ඇමෙරිකාවේ Chris Wanstrath සමඟ Tom Preston-Werner සහ P. J. Hyett විසින් රූබි ක්‍රමලේඛ භාෂාව ඇසුරෙන් කේත ලියා දියත් කර තිබෙනව. එතැන් පටන් එය ක්‍රමයෙන් දියුණු වී වසරකට ඩොලර් කෝටි 30 ක පමණ ආදායමක් උපයන තැනට පත්ව තිබුන. දැන් මෙම වෙබ් අඩවිය මයික්‍රොසොෆ්ට් සමාගම යටතේ පවතිනව. 2018 වසරෙදි ඔවුන් කෝටි 750 මුදලකට
ගිට්හබ් සේවය මිලදී ගත්ත.



