TechDecode BlogTechDecode
  • Home
  • Posts

© 2026 TechDecode. All rights reserved.

TermsPrivacyContact
News
Technology

Microsoft Edge දැන් වෙනදාට වඩා වේගවත්

Damantha Jasinghe
Damantha Jasinghe
August 5, 2025
1 min read
211 words
Microsoft Edge දැන් වෙනදාට වඩා වේගවත්
Microsoft සමාගම ඔවුන්ගේ Edge වෙබ් බ්‍රව්සරය දැන් වඩාත් වේගවත් බවට පත්ව ඇති බව පවසයි. වින්ඩෝස් බ්ලොග් එකේ පළ කරන ලද නව තොරතුරු අනුව, Edge බ්‍රව්සරයේ පරිශීලක අතුරුමුහුණත (UI) වේගය වැඩිදියුණු කිරීමේ ප්‍රධාන හේතුවක් වී ඇත. එයට පෙර අන්තර්ගතය පෙන්වීමට (First Contentful Paint – FCP) මිලි තප්පර 300 යකට වඩා කාලයක ගත වුවද, දැන් එය මිලි තප්පර 300 යට වඩා අඩු කර ඇත. මෙම වේගය පරිශීලක අත්දැකීම යහපත් ලෙස ඉහල නංවන බවට Microsoft සමාගම පෙන්වා දෙයි.

Edge බ්‍රව්සරය WIndows මෙහෙයුම් පද්ධතියට හොඳින් Optimize කර ඇති අතර, එය Third party වෙබ් බ්‍රව්සරයක් නොවන නිසා පරිගණක සම්පත් වඩාත් කාර්යක්ෂමව භාවිතා කරනු ඇතැයි විශ්වාස කරන්න පුලුවන්. වෙනත් වෙබ් බ්‍රව්සර් භාවිතා කරන විට, ඒවාට Background එකේ ක්‍රියාත්මක වීමට සිදුවන අතර, මෙය පරිගණකයේ කාර්යක්ෂමතාව අඩු වීමට හේතුවක් විය හැක. එහෙත් Edge භාවිතා කිරීමෙන් මෙම ප්‍රශ්නය අඩු වන අතර, පරිගණකයේ resources භාවිතය ද ඉතිරි කරගත හැකිය.

Microsoft සමාගම ඉදිරියේ දී Edge බ්‍රව්සරයේ Print Preview, Extensions වැනි විශේෂාංග වල ද වේගය වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වෙයි. වර්තමානයේ Chrome ලොව පුරා 68% ක වෙළඳපල් ප්‍රතිශතයක් අත් කරගෙන ඇති අතර, Edge 5% ටත් අඩු ප්‍රතිශතයක් පමණක් දරයි. Edge බ්‍රව්සරයේ නව වේගය සහ කාර්යක්ෂමතාවය වැඩි කර පරිශීලකයින් Edge වෙතට ආකර්ෂණය කරගැනීමට Microsoft සමාගම බලාපොරොත්තු වෙයි. AI විශේෂාංග ද සහිත ව අනෙක් වෙබ් බ්‍රව්සර් වලින් එල්ල වන අභියෝගවලට මුහුණ දීමට Microsoft සමාගම සූදානම් වෙමින් සිටී.

Tags

UI/UX
Performance

Related Posts

අලුතෙන් Redesign උනු YouTube
Technology
Development
+1
අලුතෙන් Redesign උනු YouTube

Google විසින් YouTube video player එකට අලුත්ම redesign එකක් නිකුත් කරලා තියෙනවා. මේ update එකෙන් වීඩියෝ නැරඹීමේ අත්දැකීම දැන් smooth එකක් වෙලා තියෙනවා...

වසර 10කට අධික කාලයක් සේවය කර, සමුගන්නා Windows 10
News
Technology
වසර 10කට අධික කාලයක් සේවය කර, සමුගන්නා Windows 10

අවුරුදු 10ක් මුලුල්ලේ සේවය සැපයූ Windows 10 තමන්ගේ ගමන 2025 October 14 දිනෙන් අවසන් කරන බව Microsoft සමාගම නිළ වශයෙන් නිවේදනය කර ඇත. Windows 10 වලට අ...

Google Gboard නවීන AI විශේෂාංග
News
Google Gboard නවීන AI විශේෂාංග

Google සමාගම Gboard keyboard එක සඳහා AI පදනම්වූ ලිවීමේ features කිහිපයක් නිල වශයෙන් නිකුත් කර ඇත. මෙම AI Writing Tools භාවිතයෙන් පරිශීලකයන්ට ඔවුන් යවන...