TechDecode BlogTechDecode
  • Home
  • Posts

© 2026 TechDecode. All rights reserved.

TermsPrivacyContact
Development
Technology
News

Job description ලියන්න උදව් කරන LinkedIn AI-written suggestions

Damantha Jasinghe
Damantha Jasinghe
July 20, 2025
1 min read
190 words
Job description ලියන්න උදව් කරන LinkedIn AI-written suggestions
ලෝකයේ තියන බොහොමයක් සමාගම් AI තමන්ගේ සේවා සදහා යොදාගන්න පෙළබිලා තියනව. ඒ අතරට එක්වෙන අලුත්ම සමාගම තමයි LinkedIn කියන්නෙ. LinkedIn ගැන කියනව නම් මේක ව්‍යාපාර සම්බන්ධ සමාජ මාධ්‍ය ජාලයක්. බොහෝවිට රැකියා සොයන හෝ රැකියාවලට සේවකයන් සොයන සමාගම්, පුද්ගලයන් තමයි මේකෙ ගිණුම් පවත්වාගෙන යන්නෙ. මේක 2003 වසරෙදි ආරම්බ කරල තියෙන්නෙ. මේ වනවිට Microsoft සමාගම යටතේයි LinkedIn තිබෙන්නෙ.
ඉතින් LinkedIn වෙත එක්කර අලුත් AI එකෙන් වෙන්නෙ writing suggestions ලබාදීම. ඒ කියන්නෙ job descriptions එකක් හෝ profile bio එකක් වැනි කොටසක් ලිවීමේදී මෙමගින් suggestions ලබාදෙනව. මේ AI එකෙන් descriptions එකක් මෙහි Premium membership එකක් තියන පරිශීලකයන්ට generate කරගැනීමේ හැකියාව තියනව.

මෙහිත් බාවිතා කරන්නෙත් OpenAI සමාගමේ ChatGPT බළගන්වන මොඩ්ල්ස් සහිත AI එකමයි. දැනට LinkedIn සමාගමෙන් AI මගින් ලියන job descriptions පරීක්ශා කරන්න පටන් අරන් තියෙන්නෙ. මේ job description එකක් ලබාගන්න එය ලබාගන්න කලමනාකරුවන් විසින් job title, සමාගමේ නම සහ තවත් මූලික තොරතුරු කිහිපයක් පිරවීමට අවශ්‍ය වෙනව. ඉන්පසු එයට අදාලව draft එකක් LinkedIn මගින් generate කරල දෙනව. කොහොමවුනත් LinkedIn සමාගම පවසන්නෙ මේ ලබාදෙන descriptions පරිශීලකයන් විසින් පරීක්ශා කර බලල එහි නිරවද්‍යතාව තහවුරු කරගෙන එය review හෝ edit කිරීමක් කලයුතු බවයි. ඉදිරියේදී LinkedIn වෙතින් AI සම්බන්ධව උගන්වන online courses කිහිපයක්ද හදුන්වා දෙන්න සූදානම් වෙනව කියල දැනගන්න ලැබෙනව.

Tags

Web Development
Accessibility
Performance

Related Posts

අලුතෙන් Redesign උනු YouTube
Technology
Development
+1
අලුතෙන් Redesign උනු YouTube

Google විසින් YouTube video player එකට අලුත්ම redesign එකක් නිකුත් කරලා තියෙනවා. මේ update එකෙන් වීඩියෝ නැරඹීමේ අත්දැකීම දැන් smooth එකක් වෙලා තියෙනවා...

වසර 10කට අධික කාලයක් සේවය කර, සමුගන්නා Windows 10
News
Technology
වසර 10කට අධික කාලයක් සේවය කර, සමුගන්නා Windows 10

අවුරුදු 10ක් මුලුල්ලේ සේවය සැපයූ Windows 10 තමන්ගේ ගමන 2025 October 14 දිනෙන් අවසන් කරන බව Microsoft සමාගම නිළ වශයෙන් නිවේදනය කර ඇත. Windows 10 වලට අ...

Google Gboard නවීන AI විශේෂාංග
News
Google Gboard නවීන AI විශේෂාංග

Google සමාගම Gboard keyboard එක සඳහා AI පදනම්වූ ලිවීමේ features කිහිපයක් නිල වශයෙන් නිකුත් කර ඇත. මෙම AI Writing Tools භාවිතයෙන් පරිශීලකයන්ට ඔවුන් යවන...