TechDecode BlogTechDecode
  • Home
  • Posts

© 2026 TechDecode. All rights reserved.

TermsPrivacyContact
News
Technology

බිලියන දෙකක පරිශීලක පිරිසක් ඉන්න Google Overview

Damantha Jasinghe
Damantha Jasinghe
August 7, 2025
1 min read
182 words
බිලියන දෙකක පරිශීලක පිරිසක් ඉන්න Google Overview
ඔයාට දැන් Google එකෙන් search එකක් කරනකොට, මුලින්ම ලැබෙන්නෙ summary එකක්. දැන් Google සමාගම කියන විදිහට, මේ AI Overviews feature එක හරහා මසකට බිලියන 2කට වඩා search requests සිදුවෙනවා.

මේ AI Overviews කියන්නේ, ඔයා Google එකේ ප්‍රශ්නයක් type කළාම, ඒකට නිවැරදි summary එකක් ලියලා දෙන system එකක්. පරණ search result list එකට පෙර මේ summary එක ලැබෙන නිසා, කියවන්න විතරක් නෙවෙයි, කෙටි වෙලාවකින්ම concept එක කැමති විදියට අරගෙන යන්න පුළුවන්. දැන් මෙය රටවල් 200කට වැඩි ප්‍රමානයකට rollout වෙලා තියෙනවා.

Google සමාගම මේ AI experience එක තවත් upgrade කරලා, දැන් ඒකට “AI Mode” කියන නව version එකත් හඳුන්වා දීලා තියෙනවා. තවමත් මේ feature එක US සහ India වලට සීමා වෙලා තියෙනවා. නමුත් මිලියන 100කට වඩා පරිශීලකයන් මේක අත්හදා බලලා තියෙනවා කියලා Google සමාගම කියනවා.

දැන් ගොඩක් අය අසන ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි AI Overviews වලින් Google Search වල traditional links වල click count එක අඩුවෙයිද?” කියලා. Google කියනවා, ඔවුන් තාමත් original web links වලට traffic drive කරනවා කියලා. ඒ කියන්නේ, AI එකෙන් නිවැරදි පිලිතුරක් ලැබුණත්, පරිශීලකයන්ට වැඩිදුර දැනගන්න උවමනා නම් අදාල site එක මත click කරන නිසා click count එක අඩුවෙන්නෙ නැහැ කියලා.

Tags

Accessibility

Related Posts

අලුතෙන් Redesign උනු YouTube
Technology
Development
+1
අලුතෙන් Redesign උනු YouTube

Google විසින් YouTube video player එකට අලුත්ම redesign එකක් නිකුත් කරලා තියෙනවා. මේ update එකෙන් වීඩියෝ නැරඹීමේ අත්දැකීම දැන් smooth එකක් වෙලා තියෙනවා...

වසර 10කට අධික කාලයක් සේවය කර, සමුගන්නා Windows 10
News
Technology
වසර 10කට අධික කාලයක් සේවය කර, සමුගන්නා Windows 10

අවුරුදු 10ක් මුලුල්ලේ සේවය සැපයූ Windows 10 තමන්ගේ ගමන 2025 October 14 දිනෙන් අවසන් කරන බව Microsoft සමාගම නිළ වශයෙන් නිවේදනය කර ඇත. Windows 10 වලට අ...

Google Gboard නවීන AI විශේෂාංග
News
Google Gboard නවීන AI විශේෂාංග

Google සමාගම Gboard keyboard එක සඳහා AI පදනම්වූ ලිවීමේ features කිහිපයක් නිල වශයෙන් නිකුත් කර ඇත. මෙම AI Writing Tools භාවිතයෙන් පරිශීලකයන්ට ඔවුන් යවන...