TechDecode BlogTechDecode
  • Home
  • Posts

© 2026 TechDecode. All rights reserved.

TermsPrivacyContact
News

Google Gboard නවීන AI විශේෂාංග

Damantha Jasinghe
Damantha Jasinghe
September 26, 2025
1 min read
218 words
Google Gboard නවීන AI විශේෂාංග
Google සමාගම Gboard keyboard එක සඳහා AI පදනම්වූ ලිවීමේ features කිහිපයක් නිල වශයෙන් නිකුත් කර ඇත. මෙම AI Writing Tools භාවිතයෙන් පරිශීලකයන්ට ඔවුන් යවන පණිවිඩ නිවැරදි කිරීමට හෝ වෙනස් ආකාරයකින් ලිවීමට උදව් කරයි. මෙම විශේෂාංගය මුලින් Pixel දුරකථනවලට පමණක් සීමා වූ නමුත්, දැන් එය Pixel නොවන Android සියලු දුරකථනවලටද ලබා දෙමින් සිටී. පරිශීලකයන්ට Gboard හි Writing Tools buttonඑක ස්පර්ශ කිරීමෙන් කුඩා download එකක් සිදුකර මෙම සේවාව activate කර ගත හැකිය.

Google Gboard beta version එකෙ “flick to symbol” හෝ “flick keys” නමින් නව විශේෂාංගයක් පරීක්ෂා කරමින් සිටී. මෙම විශේෂාංගය සක්‍රීය කළ විට, පරිශීලකයන්ට keyඑකක් ස්පර්ශ කර පහළට ඇදීමෙන් එහි ඉඟි කරන ලද සංකේතයට ප්‍රවේශ වීමට හැකි වේ, මෙය iPad වල තිබෙන keyboard එකට සමාන වේ. එම භාව‍ිතය අනුව, “A” key එක මත flick කිරීමෙන් “@” සංකේතය ලබා ගත හැකි අතර, මෙය ඊමේල් හෝ password ඇතුළත් කිරීම් වල ඇති අවහිරතා අඩු කරයි. flick gesture භාවිතයට තරමක් කාලය ගත වන නමුත් පුරුදු වූ පසු එය ඉතා ප්‍රයෝජනවත් වේ.

මෙම flick keys විශේෂාංගය දැනට Gboard beta version එකෙ පමණක් දක්නට ලැබෙන අතර, beta version එකෙ “Password number row” වැනි වෙනත් විශේෂාංග ද ඇතුළත් වී ඇත, එහි දී password ඇතුළත් කරන වේලාවට පමණක් අංක keyboard එක ගතිකව පෙන්වීමට හැකිය. Beta පරිශීලකයින්ගෙ feedback මත පදනම්ව, Google විසින් මෙම විශේෂාංග වඩාත් ප්‍රයෝජනවත් සේවාවක් ලෙස ඉදිරි කාලයේදී සියලු පරිශීලකයන්ට ලබා දෙනු ඇතැයි අපේක්ෂා කිරීමට පුලුවනි.

Tags

Mobile

Related Posts

අලුතෙන් Redesign උනු YouTube
Technology
Development
+1
අලුතෙන් Redesign උනු YouTube

Google විසින් YouTube video player එකට අලුත්ම redesign එකක් නිකුත් කරලා තියෙනවා. මේ update එකෙන් වීඩියෝ නැරඹීමේ අත්දැකීම දැන් smooth එකක් වෙලා තියෙනවා...

වසර 10කට අධික කාලයක් සේවය කර, සමුගන්නා Windows 10
News
Technology
වසර 10කට අධික කාලයක් සේවය කර, සමුගන්නා Windows 10

අවුරුදු 10ක් මුලුල්ලේ සේවය සැපයූ Windows 10 තමන්ගේ ගමන 2025 October 14 දිනෙන් අවසන් කරන බව Microsoft සමාගම නිළ වශයෙන් නිවේදනය කර ඇත. Windows 10 වලට අ...

අලුත්ම සෙවුම් ක්‍රමය Google AI Mode
News
Technology
අලුත්ම සෙවුම් ක්‍රමය Google AI Mode

ගූගල් තමන්ගේ අලුත් AI Mode එක දැන් ලොව පුරා launch කරලා තියෙනවා. මේ විශේෂාංගය කලින් US, India වගේ රටවල් වලට තමයි limited release එක දීලා තිබුණේ, හැබ...