TechDecode BlogTechDecode
  • Home
  • Posts

© 2026 TechDecode. All rights reserved.

TermsPrivacyContact
Design
Technology
News

වසර 7ක් දක්වා අප්ඩේට් ලැබෙන Samsung Galaxy S24

Damantha Jasinghe
Damantha Jasinghe
July 20, 2025
1 min read
162 words
වසර 7ක් දක්වා අප්ඩේට් ලැබෙන Samsung Galaxy S24
Samsung සමාගමේ නවතම S24 දුරකතන මාදිලිය නිකුත් උනා. පෙර පරිදිම S24, S24+, සහ S24 Ultra ලෙස මාදිලි තුනක් නිකුත් උනා. Unpack event එකෙදි විස්තර කරන ලද නව විශේෂාංග අතරින් Galaxy AI පහසුකම විශේෂ තැනක් ගන්නව.
නව විශේෂාංග රැසක් සමගින් එන S24 දුරකතන සදහා මෙවර තවත් විශේෂ දෙයක් එක්වෙනව. වසර 7ක් දක්වා OS update ලැබෙන බව සමාගම නිවේදනය කර තිබෙනව. මීටපෙර ගූගල් සමාගම Pixel 8 දුරකතන සමග වසර 8 දක්වා OS update ලැබෙන බව නිවේදනය කරා.

Uploaded image
මෑත වසර කිහිපය තුලදී Samsung සමාගම විසින් ඔවුන්ගේ දුරකතන බොහොමයකට වසර 4ක OS update සහ වසර 5ක් දක්වා security update ලබාදීම ආරම්බ කරා. Galaxy S24 දුරකතන නිකුත් වන්නෙ Android 14 මත රන් වෙන OneUI 6.1 මගිනුයි. ඒවගේම Android 21 දක්වා මෙයට අප්ඩේට් ලැබීමට නියමිතයි.Uploaded image මීටපෙර Samsung සමාගම සිදුකල ආකාරයටම නැවතත් ඇමරිකාව සහ කැනඩාව ඇතුලු රටවල් වලට පමනක් Snapdragon chipset එක සහිත දුරකතන නිකුත් කරන අතර අනෙක් රටවල් සදහා Samsung සමාගම විසින් නිශ්පාදනය කරන Exynos 2400 චිප්සෙට් එක සමග නිකුත් වෙනව. මෙම චිප්සෙට් එකෙ benchmark තවමත් නිකුත් වී නැහැ.

Tags

Accessibility
Performance
Mobile

Related Posts

අලුතෙන් Redesign උනු YouTube
Technology
Development
+1
අලුතෙන් Redesign උනු YouTube

Google විසින් YouTube video player එකට අලුත්ම redesign එකක් නිකුත් කරලා තියෙනවා. මේ update එකෙන් වීඩියෝ නැරඹීමේ අත්දැකීම දැන් smooth එකක් වෙලා තියෙනවා...

වසර 10කට අධික කාලයක් සේවය කර, සමුගන්නා Windows 10
News
Technology
වසර 10කට අධික කාලයක් සේවය කර, සමුගන්නා Windows 10

අවුරුදු 10ක් මුලුල්ලේ සේවය සැපයූ Windows 10 තමන්ගේ ගමන 2025 October 14 දිනෙන් අවසන් කරන බව Microsoft සමාගම නිළ වශයෙන් නිවේදනය කර ඇත. Windows 10 වලට අ...

Google Gboard නවීන AI විශේෂාංග
News
Google Gboard නවීන AI විශේෂාංග

Google සමාගම Gboard keyboard එක සඳහා AI පදනම්වූ ලිවීමේ features කිහිපයක් නිල වශයෙන් නිකුත් කර ඇත. මෙම AI Writing Tools භාවිතයෙන් පරිශීලකයන්ට ඔවුන් යවන...